ニュース

  1. There is no registered news.

Shizupack වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

Shizupack Ltd. සමාගම තේ බෑග් නිෂ්පාදනයේ වසර 45කට වැඩි පළපුරුද්දක් ඇති අතර කර්මාන්තයේ සුවිශේෂී තාක්ෂණයන් රැසක් අත්පත් කර ගෙන ඇති අතර, GFSI (Global Food Safety Initiative) හි අනුමත ප්‍රමිතියක් වන SQF සහතිකය වැනි බහුවිධ ආරක්ෂණ සහතික කිරීම් සමඟින්, GMP සහතිකය ,සෞඛ්‍ය සම්පන්න ආහාර, ක්‍රියාකාරී සංදර්ශක ලේබලය සහිත ආහාර නිෂ්පාදන, JAS කාබනික, HALAL, HACCP, FDA, ආදි තත්ව සහතිකයන් රාශියක් හිමිකරගෙන ඇත.

තේ බෑග් නිෂ්පාදන ව්‍යාපාරයේ පමණක් නොව, තේ බෑග් සැකසීම, කෝපි බෑග් සැකසීම, ආහාර ඇසුරුම් කිරීම, රසකැවිලි නිෂ්පාදනය, රූපලාවණ්‍ය නිෂ්පාදන සැකසීම් වැනි විවිධ ව්‍යාපාර සඳහා සියලු සේවා එක් ස්ථායකින් සැපයීමට අපට හැකියාව පවතින අතර මේ සියල්ල OEM ක්‍රමයට අනුව නිෂ්පාදනය, බහුභාෂා තොරතුරු තාක්ෂණ වෙබ් පද්ධති යෙදුම් සංවර්ධනය, IOT පද්ධති සංවර්ධනය සහ සැලසුම් කිරීම භාවිතා කරයි. ඔබට කිසියම් විමසීමක් ඇත්නම් අප හා සම්බන්ධ ඔබට හැකියාව පවති.

"තේ කෝපි සහ ආහාර අංශය" තේ සහ කෝපි නිෂ්පාදනයන්ට සමගාමීව අපගේ ආහාර අංශය තුල තේ කොළ ආදිය කුඩු කිරීමෙන් තේ බෑග්ද, Dashi (සුප් වර්ග සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය)ඇසුරුම් ආදිය වැනි විවිධ අමුද්‍රව්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරයි.

"අපගේ රූපලාවණ්‍ය නිෂ්පාදන අංශය" OEM නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය, කුඩු කර පිරවීමේ ක්‍රියාවලිය සහ නිෂ්පාදන සැකසීමේ ක්‍රියාවලියන් සඳහා අපගේ අද්විතීය තාක්ෂණයන් ඒ සඳහාභාවිතා කරන්නෙමු.

"රසකැවිලි නිෂ්පාදන අංශය" අපගේ පාරිභෝගිකයන් සතුටු කළ හැකි Dacquoise, Financier, Madeleine වැනි බටහිර රසකැවිලි වර්ග රාශියක් අප නිෂ්පාදනය කරනු ලබයි.

"පද්ධති සංවර්ධන දෙපාර්තමේන්තුව" කර්මාන්තශාලා සහ ගබඩාවල වෙබ් කළමනාකරණ පද්ධති සංවර්ධනය, IoT පද්ධති සංවර්ධනය සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා වෙබ් අඩවි නිර්මාණය දක්වා තොරතුරු තාක්ෂණ ඉල්ලීම් සහ ගැටළු නිරාකරණය කරදීමට අපහට හැකියාව පවති .

අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි සියලු සේවාවන් එක් ස්ථානයකින් ලබා දීමට අප සැදී පැහැදී සිටින්නෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
Return Top